News Line| Off Air
Generic placeholder image

Apr
5

ඔබ වෙනුවෙන් අප හට කල නොහැක්කක් නොමැත සියත ලෙන්ගතුකම Diolog සමග අද සිට ඔබ සමීපයට

834 Views


ඔබ වෙනුවෙන් අප හට කල නොහැක්කක් නොමැත  සියත ලෙන්ගතුකම Diolog  සමග අද සිට ඔබ සමීපයට

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනතාවගේ ජන ජිවිතයට බලපැමක් එල්ල වී ඇති පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් විශේෂයෙන්ම එදා වේල හරි හම්බකරන් කන මිනිසුන් ඉතා අපහසු කාල පරිච්ජේදයක් මේ වන විට ගත කරනු ලබන බව නොරහසට කරුණක්.

ඒ වෙනුවෙන් voice of asia මාධ්‍ය ජාලය සියත tv සියත fm අපි ලෙන්ගතුකමින් ජනතාව වෙත සමීප වන්නේ ඒ අසරණ පිහිටක් අවැසි ජනයාට පිහිටක් සරණක් වීමේ මහත් ඕනෑකමින්. ඒ අනුව සියත ලෙන්ගතුකම DIALOG ආයතනය සමග අත්වැල් බැද ගනිමින් මෙවර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කර ගනිමින් විහාරස්ථාන හා දේවස්ථාන හා කෝවිල් ඇතුළු ආගමික සිද්ධස්ථාන කේන්ද්‍රකරගනිමින් ඔබට අවශ්‍ය අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔබ වෙත සමීප කරවීමට අප සුදානම්.

මෙම ක්‍රියාන්විතය අද සිට ආරම්භ කෙරෙන අතර මේ අනුව අප අද මහනුවර දළදා මාලිගාව වෙත පැමිණේන්නේ මේ වැඩ සටහන සදහා ආශීර්වාද ලබා ගනිමින් පළමුව අප ආධාර දළදා මාලිගාව වෙත පරිත්‍යාග කරමින් ඔබ වෙත බෙදා දීම සදහායි.


News Articles
Latest Videos
Most Popular Post