News Line| Off Air
Generic placeholder image

Apr
5

නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කතක් අත්අඩංගුවට

1102 Views


නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කතක් අත්අඩංගුවට

කොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක බව පොලීසිය සඳහන් කළා.

විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා.

‍මේ අතර රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ තරුණයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post