ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම කාලය තුළ රථ වාහන 312ක් තම භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් දහ හතර දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව ඇදිරිනීති කාලසීමාව තුළ මේ වනවිට පුද්ගලයින් 14795ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 3665ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.