News Line| Off Air
Generic placeholder image

Apr
6

ජපානයෙන් ලාංකිකයෙකුට ඔලිම්පික් වගකීමක්

734 Views


ජපානයෙන් ලාංකිකයෙකුට ඔලිම්පික් වගකීමක්

කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමා තිබෙන ඔලිම්පික් උළෙලේ වැඩ කටයුතු මේ වන විට 2021 ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වනවා. ඒ අනුව එහිදී ශ්‍රී ලංකා ජාතිකයෙක් වන සුජීව විජේනායකට ජපානයේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් එම ඔලිම්පික් උළෙ‍ලේ ‍බේස්බෝල් ක්‍රීඩාවේ නියෝජ්‍ය මෙහෙයුම් කළමණාකරු තනතුර ප්‍රදානය කර තිබෙනවා.

සුජීව විජේනායකට මෙම පත්වීම ඉකුත් අප්‍රේල් 01 වන දින ජපාන ක්‍රීඩා අමාක්‍යංශය විසින් ප්‍රදානය කළා. ඔහු අන්තර්ජාතික ක්‍රීඩා තරඟ විනිශ්චයේ අත්දැකීම් තිබෙන අතර මේ වන විට ජපානයේ ජීවත්වෙන ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවත් සමඟ මෙන්ම ජගත් බේස්බෝල් සහ සැහැල්ලු පන්දු සම්මේලනය,ජපාන බේස්බෝල් සංගමය සහ නිපෙන් බෙස්බෝල් සංගමය සමගද සිය තනතුරේ රාජකාරි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post