News Line| Off Air| Games
Generic placeholder image

Apr
6

සියත ලෙන්ගතුකම අද දෙවන දිනටත් ඔබ සමීපයට

568 Views


සියත ලෙන්ගතුකම අද දෙවන දිනටත් ඔබ සමීපයට

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක voice of asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Diolog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම අසරණ පිහිටක් අවැසි ජනයාට පිහිටක් වන්නේ මහත් වූ ඕනෑකමිනි.

ඒ අනුව සියත ලෙන්ගතුකම මානුෂිය ක්‍රියාන්විතය අද දෙවන දිනටත් ඔබ සමීපයට රැගෙන ආවා. මෙහිදී කොළඹ සහ හෝමාගම ජනතාවට සහනයක් වනු පිණිස අවට විහාරස්ථාන වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම සිදු කළා. ඒ හෝමාගම පුරාණ රජ මහා විහාරය, අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය සහ රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය කේන්ද්‍ර කර ගනිමින්.

මෙම සියත ලෙන්ගතුකම මානුෂිය ක්‍රියාන්විතය ඊයේ මහනුවර ඓෙතිහාසික මල්වතු මහා විහාර පරිශ‍්‍රයේන් ආරම්භ කල අතර එහිදී අස්ගිරි මහා විහාරස්ථානට සහ මහනුවර දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් වල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වියළි ආහාර ලබාදීමක් සිදු කළා.

ජනතාවගේ හදගැස්ම හදුනන කවදත් ඔබට සමීප voice of asia මාධ්‍ය ජාලය ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ස්වකිය මාධ්‍ය වගකීම මෙන්ම ඉන් එහා ගිය මානුෂිය වගකීමක් ද ඉටු කිරීමට ඇප කැප වී සිටින්නෙමු.


News Articles
Latest Videos
Most Popular Post