News Line| Off Air
Generic placeholder image

Apr
7

කොරෝනා ආසධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැති දැඩ් සත්කාර ඒකකයට

598 Views


කොරෝනා ආසධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැති  දැඩ් සත්කාර ඒකකයට

කොවිඩ් 19 ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ දින රෝහල්ගත කෙරුණි. කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ.

මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බවයි.

මේ සමගින් බ්‍රිතාන්‍ය රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම, අගමැති නියෝගයෙන්, එරට විදේශ කටයුතු ඇමති ඩොමිනික් රබ් වෙත පවරා ඇති අතර, අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ වගකීම මේ යටතේ ඔහු වෙත පැවරෙනු ඇත.

අගමැතිවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ ද දැඩි අවධානය යොමුව ඇති අතර සෞඛ්‍ය අංශ විශ්වාසය පළකරන්නේ, ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු ලොව පුරා රාජ්‍යනායකයින් රැසක් අගමැතිවරයාගේ ඉක්මන් සුවය පතා ඔහුට ආශිර්වාද එක්කර තිබුණි.

පසුගිය 27වැනිදා බ්‍රිතාන්‍ය අගමැතිවරයා කොරෝනා වෙෙරසය ආසාදනය විමෙන් ඔහු ස්වයං නිරෝධායනට ලක් විය. අනතුරුව ඊයේ දින රෝහල්ගත කෙරුණි.මේ වන විට අගමැතිවරයා සුව අතරට හැරෙම්න් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

තවද බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහකාරිය වන 32 හැවිරිදි කේසි සීමන්ටද මේ වන විට කොරෝනා ආසාදනය වි තිබෙන බව වැඩ්දුරටත් වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post