ලොව සියලු රටවල් ආර්ථික වශයෙන් දැඩි පසු බෑමකට ලක්ව ඇති අවස්ථාවක කිසිදු ආගමික, දේශපාලනික භේදයකින් තොරව සහන සැලසීමට රජය විසින් පියවර ගෙන ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර විශේෂ ප්රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා.
රටේ සියලුම දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ අවස්ථාවේදී රජයට සහය දෙන බවත් අප සියලු දෙනාගේ එකම පොදු සතුරා කොරෝනා වෛරසය බවත් එය පරාජය කිරිමට කටයුතු කළ යුතු බවත් මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටියා.
රටේ ලක්ෂ 53 ක ජනතාවට රජය විසින් ආධාර සහ සහන ලබා දුන්නත් මේ වන විට රජයේ සියලුම ආදායම් මාර්ග අකර්මණ්‍ය වී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා.
ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටේ ඇගළුම් අපනයනය කිරිමේ නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. ඉතාලිය, මැදපෙරදිග ඇතුළු විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන මුදල් ඔස්සේ රජයට ලැබෙන ආදායම් අඩාල වී ඇති බවයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
කොරෝනා වෛරසය මර්ධනය කිරිමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ප්‍රශංසාව පුදකළ බව මෙහිදී අගමැතිවරයා සිහිපත් කර සිටියා.
නිවසේ සිටින සිය බිරිඳට දරුවන්ට කොරෝනා වෛරසය වැලදෙයි කියා සිතුනත් එය අමතක කොට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් පිරිසක් මේ රටේ සිටින බවද මෙහිදී අගමැතිවරයා කියා සිටියා.
” තමන්ට කොරෝනා වෛරසය ආසාධනය වන තුරු රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් අපිට සිටිනවා. මුඛ ආවරණය දුන්නේ නැහැ කියා සේවයට නොපැමිණෙන හෙද හෙදියන් සිටින ලෝකයේ රටවල් වලට ආදර්ශයක් වෙමින් අපේ හෙදියන් තමන්ගේ මුඛ ආවරණ ඔවුන්ම මසා ගෙන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ගිලන් රථ රියදුරන්, උපස්ථායකයින් මෙන්ම මරණ තර්ජන ඇතිව ගෙයින් ගෙට ගොස් සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් අපිට ඉන්නවා.
ඒ වගේම ඇහැට නොපෙනන වෛරසයක් සමග සටන් වදින්න පෙරට ආ අපේ හමුදාවන් ගැන අපි ආඩම්බර වෙනවා.
ඒ වගේම අපේ රට වසංගතයෙන් පස්සේ ඉදිරියට යා යුතු ක්‍රමවේදය ගැන අපි සැලසුම් කරන්න ඕන. ගෙවතු වගා සංග්‍රාමය තුලින් අපිට අපේ ආහාර ඉදිරියට පරිභෝජනයට ගන්න පුළුවන්.
මේ සියලු දේ සිදුකරද්දී ඔබලා ගෙන් මා ඉල්ලා සිටින්නේ නිවසට වී ආරක්ෂා සහිතව සිටින්න කියලා. අපි රටක් වශයෙන් මුහුණ දුන් අභියෝග හමුවේ මෙය ජය ගන්න අපිට පුළුවන්.”
ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකරමින් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.