අණදෙන නිළධාරී විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ දිවයින පුරා පිහිටි සියළුම විශේෂ කාර්ය බලකා කදවුරු මගින් එම කදවුරු පිහිටි ප‍්‍රදේශ වල ජීවත් වන දිළිදු ජනතාව වෙනුවෙන් ආහාර පාර්සල් බෙදාහැරීමේ වැඩසටහනක් අද කි‍්‍රයාත්මක කර තිබෙනවා.
සෑම වෙසක් පොහෝ දිනකම සිදුකරනු ලබන ධර්මදේශනා කටයුතු සිදු කිරීමට නොහැකි වන හෙයින් ඒ වෙනුවට මෙම සත්කාර්ය සිදුකරන ලෙසයි අණදෙන නිළධාරීතුමා උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ අනුම දිළිදු ජනතාව වෙත පිසින ලද ආහාර සහ වියළි ආහාර පාර්සල් බෙදා දීම අද දින සිදුකර තිබෙනවා.





