News Line| Off Air
Generic placeholder image

Apr
7

Dialog සමග සියත ලෙන්ගතුකම අද අනුරාධපුරයට යයි

766 Views


Dialog සමග සියත ලෙන්ගතුකම අද අනුරාධපුරයට යයි

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Dialog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම පිහිටක් අවැසි ජනයාට පිහිටක් වන්නේ මහත් වූ ඕනෑකමින්.

ඒ අනුව සියත ලෙන්ගතුකම මානුෂිය ක්‍රියාන්විතය අද අනුරාධපුර දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරුණා. මෙම වැඩසටහන සමග සම්බන්ධ වන සියත කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ Dialog ආයතනයේ සාමාජිකයින් අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන මුලින්ම අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් වෙත අත්‍යවශ්‍ය වියළි ආහාර ද‍්‍රව්‍ය භාර දීම සිදු කෙරුණා.

පසුව රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරථන ස්වාමීන් වහන්සේ වෙත එම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත වියළි ආහාර ද‍්‍රව්‍ය භාරදීම සිදු කරනු ලැබුවා.

ඊයේ දිනයේ කොළඹ සහ හෝමාගම ජනතාවට සහනයක් වනු පිණිස අවට විහාරස්ථාන වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම සිදු කළා. ඒ හෝමාගම පුරාණ රජ මහා විහාරය, අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය සහ රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය කේන්ද්‍ර කර ගනිමින්.

එමෙන්ම හෙට දිනයේද කොළඹ නගරයේ ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.

ජනතාවගේ හදගැස්ම හදුනන කවදත් ඔබට සමීප Voice of Asia මාධ්‍ය ජාලය ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ස්වකිය මාධ්‍ය වගකීම මෙන්ම ඉන් එහා ගිය මානුෂිය වගකීමක් ද ඉටු කිරීමට ඇප කැප වී සිටින්නෙමු.


News Articles
Latest Videos
Most Popular Post