News Line| Off Air| Games
Generic placeholder image

Apr
8

අවදානම් කලාප වලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිගටම

663 Views


අවදානම් කලාප වලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිගටම

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතිනවා.

සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා) උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.

මෙම දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර ඇඳිරිනීතිය උල්ලංඝනය කරන්නන් සොයා තවදුරටත් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post