අද උදෑසන ( 2017.08.13) සුමාත‍්‍රා දූපත් අසළ ඇති වූ භූකම්පනයක් හේතුවෙන් දිවයින අවට වෙරළාසන්න ප‍්‍රදේශවලට පැවති සුනාමි අවදානම් තත්වය මේ වනවිට මුලූමනින්ම පහව ගොස් ඇති බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මීට සුලූ මොහොතකට පෙර තහවුරු කළා.
එම මධ්‍යස්ථානය නිකුත් කළ අළුත්ම නිවේදනයේ දැක්වුණේ දිවයින වටා වෙරළාසන්න ප‍්‍රදේශ මේ වනවිට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවයි.
සුමාත්‍රා දූපත් අසළ වෙරළාසන්නයේ කිලෝ මීටර 35 ක පමණ ගැඹුරින් මෙම භූචලනය ඇති වී තිබෙනවා.
එය රිච්ටර් පරිමාණයේ සටහන් වී ඇත්තේ ඒකක 6 යි දශම 4 ක් ලෙසින්.
ඒ හේතුවෙන් ජනතාවට සුනාමි අවදානම් තත්වයක් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මීට පෙර නිවේදනය කළේ.
කෙසේ වෙතත් මේ වනවිට සුනාමි අවදානම මුලූමනින්ම පහව ගොස් ඇති බැවින් දිවයින වටා වෙරළාසන්න ප‍්‍රදේශ සාමාන්‍ය ජන ජීවිතයට ආරක්ෂිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කර සිටිනවා.