News Line| Off Air
Generic placeholder image

Apr
9

අද කොළඹ ප්‍රදේශ කීපයකට වතුර නෑ

645 Views


අද කොළඹ ප්‍රදේශ කීපයකට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ 09 හා කොළඹ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඔ 13 සහ කොළඹ 15 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම ලබාදීමට නියමිතයි.

අ(09)ද පස්වරු 1.00 සිට හෙට උදෑසන 7 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීම සිදුවෙයි.

මේ අතර අද පෙරවරු 8 .00 සිට හෙට පෙරවරු 8.00 දක්වා අනුරාධපුර නගරය , විජය පුර, තුරුවිල,තලාව සහ නාච්චාදුව යන ප්‍රදේශවලටද පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post