News Line| Off Air
Generic placeholder image

Apr
9

රථ වාහන දඩ මුදල් ගෙවීමට තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්

664 Views


රථ වාහන දඩ මුදල් ගෙවීමට  තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහන කාලයක්

ස්ථානීය රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල හරහා ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලිසිය විසින් පසුගිය මාර්තු මස පළමුවැනි දින හෝ ඊට පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩ මුදලක් අය නොකරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය රාජකාරි වෙනුවෙන් තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘත කිරිමෙන් පසු සහන කාලයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත.‍


News Articles
Latest Videos
Most Popular Post