අද(09) වන විට ලොව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා 88,450කට අධික පිරිසක් එම වෛරසය ආසාදනය වී මිය ගොස් තිබේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවෙන් මරණ 14,600ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
මේ වන විට එරටින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 429,000 කට අධිකයි. ඒ අතරින් රෝගීන් 149,316,කට වැඩි ප්‍රමාණයක් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්ය.
නිව්යෝර්ක්හි පමණක් සිටින රෝගීන් ගණන ලොව සෙසු රටවල සිටින රෝගීන් ගණන අභිබවා ගොස් තිබේ. ප්‍රකාශයට පත් කරන ලද මරණවලින් විශාල ප්‍රමාණයක් වාර්තා වන්නේද නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්ය.
අමෙරිකාවේ වෛරසය ව්‍යාප්ත වූ කේන්ද්‍රස්ථානය ලෙස සැළකෙන එහි ඊයේ දින මරණ 779 ක් වාර්තා වුණි. ඒ අනුව නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 6,298 දක්වා ඉහළ ගියේය.
එම අගය 2001 වසරේ අමෙරිකාවේ නිව්යෝක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරවලින් සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙන සිදුවීමකි.