මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් බොහොමයක් ගොදුරු තිබෙන පසුබිමක විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ජනතාවට නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා.
අප ද මේ වෛරසය පිලිබදව කතිකා කිරීමට අවශ්‍ය තවත් පැතිකඩක් ගැන සොයා බැලුවා. ඒ කතිකාවට අප හා සමබන්ධ වන වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය එරංග නාරංගොඩ මහතායි.
ඒ අනුව අප වෛද්‍යවරයාට යොමු කල පළමු ප්‍රශ්නය වුයේ ප්‍රතිශක්තිකරණය වැඩි අයට කොවිඩ් – 19 වෛරසය වැළදීමේ ප්‍රවණතාවය අඩුද? යන්නයි. ඒ පිලිබදව අදහස් දක්වමින් වෛද්‍යවරයා සදහන් කලේ බොහෝ වේලාවට මේ රෝගය යම් බරපතල තත්වයකට පත් වන්නේ දිගු කාලීනව බෙහෙත් ගන්නා එනම් ප්‍රතිශක්තිකරණය අඩු විශේෂයෙන්ම දියවැඩියාව හෘද රෝග , අධි රුධිර පීඩනය වැනි රෝගී තත්වයන් මෙන්ම වයස්ගත පුද්ගලයින්ට ය. තරුණ අයට මෙහි සංකුලතාවයන් අඩු වන අතර ඒ අනුව ප්‍රතිශක්තිකරණ වැඩි කරගැනීමට නම් සමබල ආහාර වේලක් ලබා ගැනීම, ගුණ දායි පාන වර්ග භාවිතයට ගැනීමට කටයුතු කල යුතු අතර විශේෂයෙන්ම කෘතීම පාන වර්ග නොව දේශීය පාන වර්ග කොත්තමල්ලි , අත්තික්කා පාන වර්ග භාවිතයට ගන්නේ නම් වඩා සුදුසු වන බවයි. කෙසේ වෙතත් ඒ තුලින් පමණක් මෙය නවතා ගත නොහැකි බවද වෛද්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.
වෛද්‍ය එරංග නාරන්ගොඩ මහතා ප්‍රකශ කරන්නේ මේ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ සෑම රටකටම නිකුත් කර ඇති නිවේදන වලට අනුකුලව මෙරට සෞඛ්‍ය අංශ පියවර ගන්නා බවයි.
එමෙන්ම රෝගීනට ප්‍රතිකාර කිරීමේදී විවිධ රටවල ප්‍රතිකාර ක්‍රම අධ්‍යනය කර එම සුදුසු ආකාරයට රෝගීන්ට ලබා දෙන බවයි.