News Line| Off Air
Generic placeholder image

Apr
10

දිවයින පුරා සියලු ඔසුසැල් අද සිට විවෘතයි

698 Views


දිවයින පුරා සියලු  ඔසුසැල්  අද සිට  විවෘතයි

අද සිට සියලු ඖෂධ අලෙවිසැල් විවෘතව තැබිමට අවසර දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘතව තැබිය හැකි බවයි.

මීට අමතරව කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට සිය ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට ද පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, එම කටයුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව සිදුකරනු ඇති බවයි.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුකූලව ප්‍රවාහන පහසුකම් සැපයෙනු ඇති.

මේ අතර ජංගම රථ යොදා ගනිමින් ඖෂධ අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය ඖෂධ අලෙවිසැල් හිමියන්ට යෝජනා කර තිබේ.

මේ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ජංගම රථයක් හෝ යොදවන්නැයිද දැනුම් දුන් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයා පැවසුවේ ය.


News Articles
Latest Videos
Most Popular Post