News Line| Off Air
Generic placeholder image

Apr
10

ඉන්දියාවේ ආසාදිතයින් ඉහල යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කරයි

3655 Views


ඉන්දියාවේ ආසාදිතයින් ඉහල යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කරයි

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව ‌කොරෝනා ‌වෛරස ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද නාවික හමුදාපතිවරයා පැවසීය.

ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post