දිවයිනේ තවත් කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 197 ක් ලෙස වාර්තා වනවා.
එම අසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදෙශයෙන් සොයාගෙන තිබෙනවා.