මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබෙනවා.
ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇති.
මේ වන විට මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම මේ වන විට රාජකාරී කටයුතුවල නියැලි සිටි පොලිස් නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.