News Line| Off Air
Generic placeholder image

Apr
11

ප‍්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

1020 Views


ප‍්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 4 සිට පැය 12 ක කාලයක් ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා ඇල, කටුනායක හා සීදුව නගර සභා බල ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම කැළණිය, වත්තල, ජා ඇල, බියගම, මහර සහ දොම්පේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ වලටද අද පස්වරු 4 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා.

එමෙන්ම ගම්පහ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ කොටසකටද මෙම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post