කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ඇදිරි නීතිය අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය දිස්ති‍්‍රක්ක වල යලි දැනුම් දෙන තුරු දිගටම කි‍්‍රයාත්මකයි.
සෙසු දිස්ති‍්‍රක්ක වල අපේ‍්‍රල් 14 වනදා උදෑසන 6 ට ඉවත් කිරීමට තිබූ ඇදිරි නීතිය අපේ‍්‍රල් 16 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව එම දිස්ති‍්‍රක්ක වල අපේ‍්‍රල් 16 උදෑසන 6 ට ඉවත් කරන ඇදිරි නීතිය එදිනම සවස 4 ට යළි පනවනු ලැබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.
