News Line| Off Air
Generic placeholder image

Apr
12

නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධ නිකුත් නොකරන ලෙසට රජය ඖෂධ සැල් හිමියන්ට දැනුම් දෙයි

553 Views


නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධ නිකුත් නොකරන ලෙසට රජය ඖෂධ සැල්  හිමියන්ට දැනුම් දෙයි

වෙෙද්‍යවරයකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව රජය ඖෂධ හල් හිමියන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ මෙම තීරණාත්මක කාලවකවානුවේ ද ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය අගය කරන බවයි.

වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ලබාදිය යුතු ඖෂධ කිසිදු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබාදීම නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඖෂධ වට්ටෝරුවක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම ඖෂධ අධිකාරී පනත යටතේ දඞුවම් ලැබිය හැකි වරදක් වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒ පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

ඖෂධ ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් විසින් පවසන රෝග ලක්ෂණවලට ඖෂධහල් හිමියන් විසින් කිසිවිටකත් ඖෂධ නියම කිරීම හෝ අලෙවි කිරීම සිදුනොකළ යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.


News Articles
Latest Videos
Most Popular Post