News Line| Off Air
Generic placeholder image

Apr
12

ඉන්දියානු වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු කොළඹ වරායට

755 Views


ඉන්දියානු වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු කොළඹ වරායට

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ඉන්දියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හදිසියේ උදරාබාධයේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහුව ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා ලෙස ආදල නෞකාව වෙත සේවාවන් සපයන දේශීය සමාගම වන Feeder Agencies Lanka (Private) Limited මගින් ජාත්‍යන්තර නැව් සහ වරාය පහසුකම් ආරක්ෂාව පිලිබඳ කාර්යාලය (ISPS) වෙතින් ඉල්ලීමක් සිදු කර තිබේ.

වයස අවුරුදු 38ක් වන මන්දීකර් නාමිත් සිද්දප්පා නම් ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස කොළඹ වරාය වෙත 2020 අප්‍රේල් 11වන දින ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.

මෙහිදී, කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 05 ක‍් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී පුද්ගලයා (01) සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද අතර, පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post