ඇඳිරි නීතිය බලපැවැත්වෙන මෙම සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුළ නාගරික ප්‍රදේශයෙන් බැහැරව ග්‍රාමීය මට්ටමින් කුඩා ප්‍රමාණයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක කෙරෙන ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ග්‍රාමීය ප්‍රදේශයන්හි වැඩි වශයෙන් යොදවා එසේ මහජනයා ඒකාරාශී වන අවුරුදු උත්සව නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පති තුමා විසින් නියෝග කර ඇත.
එසේ ම කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇති වන දුෂ්කරතා අවබෝධ කරගෙන වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස සහ අවුරුදු උත්සව ආදී කටයුතු සඳහා එක් රැස්වීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටී.