ඉදිරි කාල සීමාවේදීත් කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමේ පහළ යාමක් අපේක්‍ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
තවම හමුවෙමින් පවතින්නේ එක් රෝගියෙක් සමඟ සම්බන්ධ රෝගීන් බවත් එනිසා ආසාදනය වී ඇති ආකාරය හඳුනා ගැනීමේ අපහසුතාවක් තවමත් ඇති වී නැති බවත් ඒ මහතා පවසයි.
එමනිසා රෝගය පැතිර යාම වැළැක්වීමට රෝගින් ඇතිවිය හැකි බවට සැක කරන ස්ථානවල සාම්පල ලබා ගැනීම වැඩි කර ඇති බවත් ඊයේ දවසේ සිදු කර පරීක්ෂණ වල ප්‍රතිපල අද දිනයේ දී බලාපොරොත්තු විය හැකි බවත් ඒ මහතා පවසයි.
එසේම පූනානි නිරෝධායන කදවුරේ පමණක් 208 දෙනෙකුගේ සාම්පල ලබා ගෙන ඇති බවත් එක් ස්ථානයකින් මෙතෙක් ලබාගත් වැඩිම සාම්පල ප්‍රමාණය එය බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.