News Line| Off Air
Generic placeholder image

Apr
13

ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

955 Views


ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ.

අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අප මාතෘ භුමියට ද පිවිසීම නිසා මුතුන්මිත්තන්ගේ සමයේ පවා නොඇසු තරමේ ආපදාවකට අප දැන් මුහුණ දී සිටින බවයි.

සාමුහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂඥයින් විසින් දැඩිව අවධාරණය කර ඇති බැවින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රටට සහ ජාතියට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ස්වෙච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මේ උත්සව සමයේදී ද සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් රෝග කාරකය පැතිර යාම වැළැක්වීමට කැපවන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අලුත් අවුරුදු සතුටේ සැබෑ හිමිකරුවන් කුඩා දූ පුතුන් වන අතර මෙවර අලුත් අවුරුදු සැණකෙළිවලට සීමා පැනවී ඇති නමුත් දරුවන්ට අවුරුදු සතුට භුක්ති විදිමට අප අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම නිසා නිවසේ රැදී සිටිමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට දරුවන්ට අවුරුදු අසිරිය විඳගැනීමට ඉඩදෙන මෙන් ඉල්ලීමක් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post