චීනයෙන් නැවත වරක් දිනක් තුළ කොරෝනා රෝගීන් 108 ක් හමු වී තිබෙනවා.
ඔවුන්ගෙන් 10 දෙනෙකු විදේශිකයන් බව විදෙස් වාර්තා පැවසුවා.
එහෙත් හුබෙයි ප‍්‍රාන්තයේ ගත වූ පැය 24 තුළ කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ.
කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් මේ දක්වා හමු වූ රෝගීන් සංඛ්‍යාව 82160 ක් වන අතර චීනයෙන් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 3341 ක්.
එහෙත් චීනයේ කොරෝනා වෛරසයට ගොදුරු වූවන්ගෙන් 77000 ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබීම විශේෂත්වයක්.