News Line| Off Air
Generic placeholder image

Apr
13

අද පස්වරු 6 සිට විශේෂ පොලිස් මෙහෙයුමක්

930 Views


අද පස්වරු 6 සිට විශේෂ පොලිස් මෙහෙයුමක්

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද පස්වරු 6 සිට හෙට දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එනිසා කිසිදු අවස්ථාවක නිවෙස්වලින් පිටතට නොයන ලෙසත් කිසිදු අවස්ථාවක අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත නොකරන ලෙසත් අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙනු ලබනවා.

ඇඳිරි නීතිය කඩ කළහොත් එසේත් නැතිනම් ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කළහොත් ඒ සඳහා ඉතා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post