News Line| Off Air
Generic placeholder image

Apr
14

කොරෝනා ආසාදිත වරකාපොළ කාන්තාව ඇසුරු කළ 11 ක් ස්වයං නිරෝධායනයට

1615 Views


කොරෝනා ආසාදිත වරකාපොළ කාන්තාව ඇසුරු කළ 11 ක් ස්වයං නිරෝධායනයට

කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදුකරන පෞද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට මීට පෙර තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් සමඟ සේවය කළ නිට්ටඹුව,රදාවඩුන්න ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකුද අද PCR පරික්ෂණයට ලක්කිරීම සඳහා ගම්පහ මූලික රෝහලට රැගෙන යනු ලැබුවා.

එමෙන්ම ගුවන්තොටුපලේ පවිත්‍රතා ආයතනයක සේවය කළ කොවිඩ් 19 ආසාදිත වරකාපොළ පදිංචි කාන්තාව ඇසුරු කළ තවත් පුද්ගලයින් 11 දෙනෙකුද රඹුක්කන පිහිටි ඔවුන්ගේ නිවෙස් තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

කෑගල්ල සහ රඹුක්කන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් අද ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් PCR පරික්ෂණය සඳහා අවශ්‍ය සෙම පටල ලබාගැනීම සිදුකරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post