News Line| Off Air
Generic placeholder image

Apr
15

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි

1279 Views


අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි

මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද(15) දින‍යට යෙදී යෙදී තිබේ. ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි.

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 13 දින සිදුවිය.

එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි.

රැකී රක්ෂා සඳහා අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පුර්වභාග 7.56 ට ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි බවද සඳහන් වෙයි.

අප්‍රේල් මස 19 වැනි ඉරිදා පූර්වභාග 11.38 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම මැනවි.


News Articles
Latest Videos
Most Popular Post