News Line| Off Air
Generic placeholder image

Apr
15

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ඉවතට

825 Views


දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ඉවතට

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කෙරෙයි.

හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රවයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන්බිමන්වලින් වලකින ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අත්‍යාවශ්‍ය ‍සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යය අංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post