News Line| Off Air
Generic placeholder image

Apr
15

ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවයි

627 Views


ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් එම සංගමය මුලික කාර්යයභාරය ක්‍රියාත්මක කිරිමට අසමත් වී ඇති බවයි.

චීනයෙන් එම වෛරසය හඳුනා ගැනීමෙන් පසු එය පැතිරීම වැළැක්වීමට හා වැරදි ලෙස කළමණාකරනය කිරිම සම්බන්ධයෙන් අදාළ සංවිධානය වග කිවයුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතිව කටයුතු කරන බවට ට්‍රම්ප් මීට පෙර චෝදනා කර තිබුණි.

එම සංවිධානයට වැඩිම අරමුදලක් සපයන රටවන්නේ ද අමෙරිකාව වන අතර පසුගිය වසරේ දි අමෙරකානු ඩොලර් මිලියන 400ක මුදලක් ලබා දී තිබුණි.

මේ අතර, ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post