News Line| Off Air
Generic placeholder image

Apr
16

දිස්ත්‍රික්ක 06ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

1770 Views


දිස්ත්‍රික්ක 06ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක හයක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණි.
ජනාධිපති කාර්යාලය සඳහන් කළේ පස්වරු 4 ට යළි එම දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය පනවන බවයි.

එය, ලබන 20 වැනිදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වේ.

ඇඳිරි නීතිය පැනවීමෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් ඉවසා සිටින්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට දැනුම් දෙන්නේ ය. සෑම දිස්ත්‍රික්කයකම ගොවිතැන් කිරීම, අපනයන බෝග නිෂ්පාදනය මෙන්ම ධීවර කටයුතු සඳහා අවසර ඇත.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් වේ. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීති දැඩිව ක්‍රියාත්මක බව ද, ජනාධිපති කාර්යාලය අවධාරණය කළේ ය .


News Articles
Latest Videos
Most Popular Post