කොරෝනා වසංගතය හමුවේ මිනිස් ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්ටමකට අවම වීම හේතු කොටගෙන මේ දිනවල විශේෂයෙන්ම තාරකා විද්‍යා නිරීක්ෂණ සදහා උචිත ගුවනක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම ග්‍රහලෝක සංදර්ශනයක් ද අලුයම 4.30 – 5.00 ත් අතර කාලය තුල බ්‍රහස්පති ග්‍රහලෝකය, සෙනසුරු හා අගහරු ග්‍රහලෝකය ද ක්ෂ්තිජයේ දැකගත හැකි බව වාර්තා වෙනවා. එමෙන්ම අලුයම 5.30 අතර කාලය තුල නැගෙනහිර ක්ෂ්තිජයේ බුධ ග්‍රහලෝකය ද දර්ශනය වීමෙන් එකවර ග්‍රහලෝකයන් 04 ක් දැකගැනීමට ජනතාවට අවස්ථාව උද වෙනවා.
එළඹෙන 25 වනදා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව එම අයතනය වැඩි දුරටත් සඳහන් කලේ.