News Line| Off Air
Generic placeholder image

Apr
16

ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා යළි ඇරඹීමට තීරණයක්

1190 Views


ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා යළි ඇරඹීමට තීරණයක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ.

ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇඳිරී නීති බලපත්‍ර ලබාගැනීම සඳහා ranjithd@boi.lk විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල ඉල්ලා සිටිනවා.

ක්‍රමානුකූලව ආර්ථිකය විවෘත කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවධාණය යොමුවීමත් සමඟ ඊට ශක්තියක් ලබාදෙමින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පටන් ගැනීම මෙහි අරමුණ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post