News Line| Off Air
Generic placeholder image

Apr
16

ඉන්දියාවේ ප‍්‍රධාන නගර 06 ක් රතු කලාප ලෙස නම් කෙරේ

1213 Views


ඉන්දියාවේ ප‍්‍රධාන නගර 06 ක් රතු කලාප ලෙස නම් කෙරේ

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, මුම්බායි මුල්‍ය අගනුවර ඇතුළු එරට ප‍්‍රධාන නරග 06 ක් කොරෝනා වෛරසය පැතිරීමේ “රතු කලාප” (Red Zone) ලෙස නම් කර තිබෙනවා.

වෛරසයේ අවධානම අනුව ඉන්දියාව වර්ණ කිහිපයකින් කොටස් කිහිපයකට බෙදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව රතු පැහැයෙන් දක්වා ඇත්තේ වැඩිම අවධානමක් ඇති ප‍්‍රදේශයි.

එමෙන්ම තැඹිලි පැහැයෙන් සාමාන්‍ය තත්ත්වයේ වෛරස ආසාදන මට්ටමක් පෙන්නුම් කරන අතර කොළ පැහැයෙන් කිසිදු ආසාධිත තත්ත්වයක් නොමැති ප‍්‍රදේශ බවටත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් එවැනි කොළ පැහැයකින් යුත් ප‍්‍රදේශ මෙතෙක් හමු වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post