කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදාදීමේ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් පවසනවා.
තමන් අදාළ සේවයෙන් ඉවත් වන්නේ ප්‍රාදේශීය වශයෙන් එල්ලවන දේශපාලන බලපෑම් නිසා බව එම සංගම් පෙන්වා දී තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දෛනික ආදායම් බිඳ වැටුණු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සඳහා රුපියල් 5000 ජීවනාධාරයක් ලබා දීමට රජය ඊයේ තිරණය කළා.
නමුත් එම දීමනාව බෙදා දීමේ රාජකාරිවලින් ඉවත් වීමට තමන් තීරණය කළ බවයි ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් කිහිපයක් අද මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කළේ.