News Line| Off Air
Generic placeholder image

Apr
17

දෛනික ජීවනෝපාය අහිමි වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් තෝරා ගැනීම අද සහ හෙට

572 Views


දෛනික ජීවනෝපාය අහිමි වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් තෝරා ගැනීම අද සහ හෙට

දෛනික ජීවනෝපාය අහිමි වීමෙන් පීඩාවට පත් පුද්ගලයින් තෝරා ගැනීම අද සහ හෙට සිදු කෙරේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ තෝරා ගන්නා පුද්ගලයින්ට ලබන 20 වැනිදා සිට රුපියල් 5000 දීමනාව ලබාදෙන බවයි.

ඒ, සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ ය.

රජය ඊයේ නිවේදනය කළේ ලබන 20 වැනිදා සිට අදාළ පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබාදෙන බවයි.

එහෙත්, රුපියල් 5000 දීමනාව ලබාදීමේ රාජකාරීවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ඊයේ නිවේදනය කළේ ය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාල හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් කළ ද , එහි උසස් නිලධාරීයෙකු සඳහන් කළේ අදාළ දීමනා ලබාදීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බව ඔවුන් මෙතෙක් අමාත්‍යංශයට දැනුම් දී නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post