News Line| Off Air
Generic placeholder image

Apr
17

කොළඹ යාචකයින් 360 දෙනෙකු නිරෝධායනයට

853 Views


කොළඹ යාචකයින් 360 දෙනෙකු නිරෝධායනයට

රටේ පවතින වත්මන් වාතාවරණය සැළකිල්ලට ගනිමින් කොළඹ නගරයේ යාචකයින් 360 දෙනෙකු තාවකාලික ස්ථානයක රඳවා තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා.

ඒ අනුව අද (17) දිනයේ මෙම යාචකයින් කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයට ගෙන්වා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී තාවකාලිකව එක් ස්ථානයක රඳවා තැබීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post