News Line| Off Air
Generic placeholder image

Apr
18

කොවිඩ් 19 අරමුදලට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ලක්ෂ 206ක්

487 Views


කොවිඩ් 19 අරමුදලට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ලක්ෂ 206ක්

ජාතික ගමනාගමන කොමිසම හා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් රුපියල් ලක්ෂ 206ක මුදලක් කොවිඩ් 19 අරමුදලට පිරිනැමීමට කටයුතු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොවිඩ් 19 වසංගත තත්ත්වය මර්දනය සඳහා ආරම්භ කර ඇති අරමුදල වෙනුවෙන් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන විසින් මුල්‍ය ප්‍රතිපාදනයන් පිරිනැමීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දී ඇත.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් රුපියල් මිලියන 10ක මුදලක් හා එහි සේවය කරන සේවකයින්ගේ දිනෙක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් ද රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

මෙම මුල්‍ය ප්‍රතිපාදන ජනාධිපතිතුමන් වෙත ලබන සතියේ බාරදීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ සේවය කරන කාර්ය මණ්ඩලවල ද දිනෙක වැටුප මෙම කොවිඩ් 19 අරමුදල සඳහා පිරිනැමීමට කටයුතු කරන බව එහි නිලධාරිහු අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post