අඩපණවී තිබූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරික්ෂණ සූක්ෂම ලෙස ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒ සඳහා පොලිසිට සහය ලබා දෙන ලෙස සියලු බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි.
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ සහ තුවාල ලබා අබාධිත වු සියලු දෙනා වෙනුවෙන් නීතියෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කිරිමට රජය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරරාල් කමල් ගුණරත්න මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.