දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුව තිබෙනවා.
මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන් ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා සදහන් කළා.
ඒ අනුව පහත සදහන් රෝග ලක්ෂණ මෑතක සිට ඇති වුවහොත්, එනම් ගිලීමේ අපහසුතාවයක්, එක දිගට පවතින වමනය, ආහාර අරුචිය, ශරීරයේ අනපේක්ෂිත බර අඩුවීමක්, ශරීරයේ දැඩි තෙහෙට්ටු බවක්, වැසිකිළි යාමේ දී රුධිරය පහවිමක් හෝ කළු පැහැයට මළ පහ පිටවීමක්, වැසිකිළි යාමේ රටාවේ වෙනස් වීමක්/මළ බද්ධය, එක දිගට පවතින උදරයේ වේදනාවක්, ඇස්වල හෝ ශරීරයේ කහ පැහැ ගැන්වීමක්, උදරයේ ගෙඩියක් හෝ ඉදිමීමක්, පියයුරේ ගැටිත්තක්, බෙල්ල ආශ්‍රීතව ඇති ගැටිති/ ගැටිත්තක්, කිහිල්ල හෝ ඉකිලිය ආශ්‍රිතව ඇති ගැටිති, කකුලේ ඇති සුව නොවන තුවාලයක්- විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇතිනම් හෝ දුම් පානය කරන්නේ නම් හදුන්වා දී ඇති දුරකථනය ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකියාව පවතිනවා.
වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා සම්බන්ධ විය හැකි දුරකථන අංක 0113618724, 0768185157, 0112691111- (දිගුඅංක 2418 ) වන අතර, සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා ජාතික රෝහල ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකියි.