News Line| Off Air
Generic placeholder image

Apr
18

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 31941 ක් අත්අඩංගුවට

985 Views


ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 31941 ක් අත්අඩංගුවට

පසුගිය මාර්තු මස 20 වනදා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු අද දිනය දක්වා ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 31941 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇදිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා වාහන ද 8229 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශය පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා.

අද පෙරවරු 8 සිට මේ දක්වා කාලය තුළ පමණක් ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 261 ක්ද වාහන 78 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

එමෙන්ම මෙම කාලය තුළදී නීති විරෝධී මත් ද‍්‍රව්‍ය වැටලීම් 6413 ක් පොලිසිය විසින් සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 6602 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post