News Line| Off Air
Generic placeholder image

Apr
18

ප‍්‍රවාහන සේවා භාවිතා කිරීමේදී උපදෙස් මාලාවක්

796 Views


ප‍්‍රවාහන සේවා භාවිතා කිරීමේදී උපදෙස් මාලාවක්

රජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා බලපත්‍ර හිමි කාර්යය මණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් සැලසිම ලබන 20 වනදා සිට සිදුකරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළා.

ලංකා ගමනාගමන මණ්ඩලය සාමන්‍යයෙන් එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සංඛ්‍යාව පන්දහස ඉක්මවන අතර එම බස් රථ යළි භාවිතයට ගැනිම සඳහා මේ දිනවල විෂබීජහරණය සිදු කරනවා.

සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව මගීන් 25 දෙනකු පමණක් බස් රථයකයට සීමා කර තිබෙනවා.

මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ පිරිසක් භාවිත කරන දුම්රිය සේවය ද සම්පුර්ණයෙන්ම නවතා දමා අදට (18) දින 30ක්.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට සතු දුම්රිය 400 අතුරින් කාර්යාල දුම්රිය පමණක් 20 වැනිදා සිට ධාවනයේ යොදවන බවයි.

ඒ අනුව දුම්රිය ස්ථානයකට පැමිණෙන මගින් ප්‍රවේශ පත්‍ර මිලදි ගැනිමේදි මෙන්ම දුම්රිය වේදිකාවේ රැඳි සිටිමේදි හා දුම්රිය මැදිරි තුළදි මිටරයක දුර පවත්වාගත යුතුයි.

එමෙන්ම දුම්රිය මැදිරියක එකවර ගමන් කළ හැක්කේ මගින් 50 දෙනෙකුට පමණක් වන අතර සියලු දෙනා මුඛ ආවරණ පැලඳිම අනිවාර්යයි.

එසේම දුම්රිය ස්ථාන පරිශ‍්‍රයේ, දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ගයට කෙල ගැසිම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර එලෙස සිදු කරන පුද්ගලයින්ට අධිකරණය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත බව සදහන්.

කැස්ස, උණ, සෙම්ප්‍රතික්ෂාව ඇති පුද්ගලයෙක් නම් දුම්රිය සේවය භාවිත නොකරන ලෙස ද ජනතාවගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එසේම දුම්රිය මැදිරි හා පරිශ්‍රයන් තුළ සිඟමන් යැදිම හා අනවසර වෙළඳාම් කිරීමද සම්පුර්ණයෙන්ම තහනම්.


News Articles
Latest Videos
Most Popular Post