දෙවන එළිසබත් රැජිනගේ මෙවර උපන්දින සැමරුමේදී සාම්ප‍්‍රදායික රාජකීය ආචාර වෙඩි මුර නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් පවතින තත්ත්වය සළකා බලා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
රැජිනගේ 94 වන උපන්දිනය අපේ‍්‍රල් 21 වනදාට යෙදී තිබෙනවා.
මෙම අවස්ථාව මාළිගාව විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පැවසුවා.
එමෙන්ම මෙවර උපන්දිනය පවුලේ සාමාජිකයින් අතිශය පුද්ගලික ලෙස සැමරීමට කටයුතු කිරීමට නියමිතයි.