News Line| Off Air
Generic placeholder image

Apr
19

පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ට විශේෂ උපදෙස් මාලාවක්

643 Views


පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන්ට  විශේෂ උපදෙස් මාලාවක්

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස් හා දුම්රිය සේවා යළි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුල මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස් රථ ධාවනය කරන ලෙස සේවකයින්ට උපදෙස් ලබාදී ඇති බවය.

ඒ අනුව මුඛ ආවරණ සහ අත්වැසුම් සෑම සේවකයෙකුටම නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, හෙට සිට දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමෙන් පසු එම පහසුකම් ලබාගත හැකි වන්නේ රජය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩලවලට පමණක් බවයි.

කෙසේ නමුත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවට ද එමගින් ප්‍රවාහන පහසුකම් සළසා ගත හැකි බව දුම්රිය දෙර්තමේන්තුව පවසයි.

ප්‍රවේශපත මිලදී ගැනීමේදී දුම්රිය වේදිකාවේ රැඳී සිටීමේදී මීටරයක දුරස්ථභාවය ආරක්ෂා වන ලෙස ක්‍රියා කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව එක් දුම්රිය මැදිරියක ගමන් කළ හැකි වන්නේ මගීන් 50 දෙනෙකුට පමණි.

ඊට අමතරව දුම්රියේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වන අතර දුම්රිය මාර්ගයට කෙළ ගැසීම ද සම්පුර්ණයෙන් තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

කැස්ස, උණ හා සෙම්ප්‍රතිශාව තිබේ නම් දුම්රිය සේවාව භාවිත නොකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


News Articles
Latest Videos
Most Popular Post