කොරෝනා රෝගීන් වැඩි වුවහොත් ජපාන සෞඛ්‍ය පද්ධතිය බිදවැටෙනු ඇතැයි එරට වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙනවා.
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය දැඩිසත්කාර සේවා ප‍්‍රමාණවත් නොවීමේ අවධානමක් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.
එබැවින් රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර අවශ්‍ය බව ජපාන වෛද්‍යවරුන් අවධාරණය කර තිබෙනවා.
පසුගිය කාලසීමාවේ ජපානයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තරමක් පාලනය වී තිබුණද ක‍්‍රමයෙන් යළි එය වැඩිවෙමින් පවතින බව විදෙස් වාර්තා පැවසුවා.
මේ වන විට ජපානයෙන් හදුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10, 296 ක් වන අතර මරණ 222 ක් වාර්තා වී තිබෙනවා.