ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල මත්පැන් අලෙවියට අවසර ලබා දි තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි
සිල්ලරට මත්පැන් විකිණිම සදහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඒ ඒ ප්‍රදේවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව බලපත්‍ර විවෘත කිරිමට නියම්ත වේලාවන් තුලදි පමණක් නැවත විවෘත කිරිමට අවසර දී තිබේ
මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඇඳිරි නීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය සමග කොරෝනා ව්‍යාප්තිය වැලැක්විමේ සෙසු ආරක්ෂිත සෞඛ්‍ය විධිවිධාන පිලිපැදිමේ කොන්දේසි වලට යටත්ව මෙම අවසරය ලබා දි තිබේ