News Line| Off Air
Generic placeholder image

Apr
19

ලොවපුරා කොරෝනා ආසාධිතයින් ලක්‍ෂ 23 ඉක්මවයි

584 Views


ලොවපුරා කොරෝනා ආසාධිතයින් ලක්‍ෂ 23 ඉක්මවයි

ලොවපුරා මේ වන විට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්‍ෂ 61221 ක් වාර්තා වන අතර ලොවපුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව විසිතුන් ලක්‍ෂ 48953 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 40,000 කට ආසන්නයි. එම ගණන වන්නේ 39015 ක්. අමෙරිකාවේ වෛරසය ආසාධිත සංඛ්‍යාව හත්ලක්‍ෂ 38, 923 ක්.

ස්පාඤ්ඤයේ ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසකට වෛරසය ආසාධනය වී ඇති අතර එම ගණන වන්නේ එක්ලක්‍ෂ 95944 ක්. එහි මරණ 20453 ක් වාර්තා වනවා.

රුසියාවේ නව ආසාධිතයින් 6060 ක් හදුනාගැනීමත් සමග එහි මුළු ආසාධිතයින් සංඛ්‍යාව 42853 දක්වා ඉහළගොස් තිබෙනවා.

අසල්වැසි ඉන්දියාවේ ද කොරෝනා ආසාධිතයින් 16365 ක් වාර්තා වන අතර ඉන්දියාවේ කොරෝනා වෛරසය වැළදීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 521 ක්.


News Articles
Latest Videos
Most Popular Post