නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් ආහාර ලබාගන්නා නිවසක තැනැත්තන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව සදහන්.
එම ආසාදිතයින් සමඟ අදාළ ආරක්ෂක නිලධාරිනිය සෘජු සබඳතා පවත්වා ඇති බැවින් විෂබීජහරණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා.